අවසන් වරට යාවත්කාලීන කළේ 2018 මැයි 25
අපගේ කුකී හා සමාන තාක්ෂණයන්ට විවිධ ක්‍රියාකාරීත්වයන් පවතී. ඒවා අපේ සේවාවන්හි ක්‍රියාකාරීත්වයට, අපගේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට උපකාරීවීමට, ඔබට අතිරේක ක්‍රියාකාරීත්වයන් ලබා දීමට අවශ්‍ය වීමට හෝ ඔබට අදාළ හා ඉලක්කගත වෙළෙඳ දැන්වීම් ලබාදීමට අපට උපකාරී වීමට හැකිය. අපි සැසි සහ ස්ථාවර කුකි හා සමාන තාක්ෂණයන් ද භාවිතා කරන්නෙමු.
සාමාන්‍යයෙන්, මෙම තාක්ෂණයන් මගින් අපගේ අඩවි, සේවා, යෙදුම් හා මෙවලම්වලට ඔබේ බ්‍රවුසරය හෝ උපාංගය තුළ අදාළ තොරතුරු ගබඩා කිරීමට අවකාශ සලසා පසුව ඔබේ උපාංගය අපේ සර්වර් හෝ අභ්‍යන්තර පද්ධති තුළට හඳුනා ගනු ලැබීමට එම තොරතුරු කියවනු ලබයි. අදාළ තැන්වල, කුකි හා සමාන තාක්ෂණයන්ට අප විසින් පමණක් අර්ථ නිරූපණය කළ හැකි පරිදි සකසන ලද අනන්‍ය හැඳුනුම්කාරක පැවරීම මගින් අපට හා/හෝ අපගේ බලයලත් සේවා සැපයුම්කරුවන්ට පමණක් ඒවා අර්ථ නිරූපණය කළ හැකි බව සහතික කිරීමට හැකි වන පරිද්දෙන් අපි ඒවා ආරක්ෂා කරමු.
අප විසින් එබඳු තාක්ෂණයන් භාවිතා කිරීම පහත සාමාන්‍ය වර්ගීකරණවලට යටත් වේ:
ඉහත 2 වැනි ප්‍රවර්ගයේ සිට 4 වැනි ප්‍රවර්ගය දක්වා මෙකී තාක්ෂණ භාවිතයෙන් අප විසින් රැස් කර ගබඩා කරන කවර හෝ පුද්ගලික තොරතුරක් ඔබ අපේ අඩවිය වෙත පළමු වතාවට පිවිසුණු විට පැහැදිලි අනාවරණයක් ඔස්සේ ලබාගත් ඔබේ කැමැත්ත මත පදනම් වේ. පහත විස්තර කර ඇති පරිදි ඔබට මෙම කැමැත්ත ඔබේ බ්‍රවුසර් සැකසුම් වෙතින් ඉවත් කර ගත හැකිය.
පහත බ්‍රවුසර් සඳහා කුකි වින්‍යාසකරණයක් සකස් කරන ආකාරය පිළිබඳ බ්‍රවුසරයට විශේෂිත තොරතුරු සඳහා කරුණාකර පහත අදාළ සබැඳිය ක්ලික් කරන්න:
- Firefox
- Chrome
- Safari
- iOS
","colorGrad":"-webkit-linear-gradient(left, #00cf92, #009cde)","className":"green-grad"},"revision":2},{"update_time":"2023-11-16T08:15:01.463Z","create_time":"2022-08-27T08:45:39.871Z","entry_template_id":"LegalAgreementModule","resource_type":"Entry","id":"UhL7CuSBUmwL4iX9QpVT8","document_id":"LAMOD4177","content":{"internalName":"ROW - cookie-full - Use of these technologies by authorized third-party service providers","anchorLink":"cookie-full-use-of-these-technologies","heading":"බලයලත් තෙවැනි පාර්ශ්වීය සේවා සැපයුම්කරුවන් විසින් මෙම තාක්ෂණයන් භාවිතා කිරීම","content":"අපගේ අවසරය සහිතව අපගේ අඩවි මත හෝ අපගේ සේවා, යෙදුම් හා මෙවලම් තුළ තොරතුරු ගබඩා කිරීම සඳහා තෙවැනි පාර්ශ්වීය කුකි, වෙබ් බීකන හෝ සමාන තාක්ෂණයන් පිහිටුවීමට බලයලත්, පොදුවේ සේවා සම්පාදකයන් ලෙස හැඳින්වෙන, තෙවැනි පාර්ශ්වීය සමාගම් සමග අප කටයුතු කළ හැකිය. මෙම සේවා සැපයුම්කරුවෝ ඔබට වඩා හොඳ, වේගවත් හා ආරක්ෂාකාරී අත්දැකීමක් සැපයීම සඳහා අපට සහාය වෙති.
මෙම සේවා සැපයුම්කරුවන් අපගේම අන්තර්ගත හා ප්‍රචාරණයන් බෙදා හැරීමට හා නිර්නාමික අඩවි මිතීන් හා විශ්ලේෂණයන් සම්පාදනය කිරීමට අපට උපකාරී වීමට මෙම තාක්ෂණයන් භාවිතා කරනු ලැබිය හැක. මෙම සේවා සැපයුම්කරුවන් කිසිවෙකුට ඔවුන්ගේම වූ අරමුණු සඳහා අපගේ අඩවි මත හෝ අපගේ සේවා, යෙදුම් හෝ මෙවලම් තුළ ඔබේ කවර හෝ පුද්ගලික තොරතුරක් රැස් කිරීමට අප අවසර ලබා නොදෙමු. මෙම සේවා සැපයුම්කරුවෝ අප සමග වන රහස්‍යතා ගිවිසුම්වලට හා කවර හෝ පුද්ගලික තොරතුරක් භාවිතා කිරීම හෝ රැස් කිරීම සම්බන්ධ වෙනත් නෛතික සීමාවලට යටත් වෙති. තෙවැනි පාර්ශ්වීය කුකී තෙවැනි පාර්ශ්වයේ රහස්‍යතා ප්‍රතිපත්තිය මගින් ආවරණය වේ.
එබඳු තාක්ෂණයන් අපගේ සේවා සම්පාදකයන් හෝ වෙනත් බලයලත් තෙවැනි පාර්ශ්වයන් මගින් භාවිතා කරනු ලැබීමේ ව්‍යතිරේකයට යටත්ව, ඔබේ පුද්ගලික තොරතුරු නිරීක්ෂණය කර පවත්වාගෙන යාම සඳහා වෙබ් අඩවි මත කවර හෝ තෙවැනි පාර්ශ්වීය අන්තර්ගතයකට (අයිතම ලැයිස්තු කිරීම්, සාමාජිකයාගෙන් සාමාජිකයාට සන්නිවේදන, වර්ගීකෘත ලැයිස්තු කිරීම්, අදහස් දැක්වීම්, සමාලෝචන ආදී) කිනම් හෝ කුකියක්, වෙබ් බීකනයක්, ස්ථානීය ගබඩා ඉඩක් හෝ සමාන තාක්ෂණයක් ඇතුළත් කිරිමට හෝ භාවිතා කිරීමට අපි අවසර නොදෙන්නෙමු. ලැයිස්තුගත කිරීමක් හෝ වෙනත් තෙවැනි පාර්ශ්වීය අන්තර්ගතයකින් පුද්ගලික තොරතුරු රැස් කරන්නේ යැයි හෝ අපගේ අඩවි මත නිරික්සුම් තාක්ෂණයන් භාවිතා කරන්නේ යැයි ඔබ විශ්වාස කරන්නේ නම් එය phishing@paypal.com වෙත වාර්තා කරන්න.
ඔබට දැන්වීම් සැපයීම සඳහා අපට ඉඩදීම පිණිස අප විසින් ප්‍රචාරණ ජාල හා හුවමාරු කිරීම් වැනි තෙවැනි පාර්ශ්වයන් භාවිතා කරනු ලැබිය හැක. මෙම තෙවැනි පාර්ශ්වීය ප්‍රචාරණ ජාල හා හුවමාරු සැපයුම්කරුවන් විසින් අපේ අඩවිය හෝ අන්තර්ජාලයේ වෙනත් ස්ථාන වෙත ඔබේ පිවිසීම් පිළිබඳ තොරතුරු රැස් කිරීමට තෙවැනි පාර්ශ්වීය කුකි, වෙබ් බීකන හෝ සමාන තාක්ෂණයන් භාවිතා කරනු ලැබිය හැකිය. ඔවුන් ඔබේ උපාංග හැඳුනුම්කාරකය, IP ලිපිනය හෝ ප්‍රචාරණය සඳහා හැඳුනුම්කාරකය (IDFA) රැස් කර ගනු ලැබිය හැක. මෙම තෙවැනි පාර්ශ්වයන් විසින් රැස් කරනු ලබන තොරතුරු අපගේ වෙබ් අඩවිවල හෝ අන්තර්ජාලයේ වෙනත් ස්ථානවල දී ඔබ වෙත වඩාත් අදාළත්වයකින් යුත් දැන්වීම් සැපයීම සඳහා යොදා ගැනීඹට ඉඩ ඇත. තෙවැනි පාර්ශ්වීය කුකි තෙවැනි පාර්ශ්වයේ රහස්‍යතා ප්‍රතිපත්තිවලින් ආවරණය කරනු ලැබේ.
තෙවැනි පාර්ශ්වීය ප්‍රචාරණාත්මක කුකි, රුචිකත්වය මත පදනම් වූ ප්‍රචාරණය සහ කර්මාන්ත ස්වයං නියාමනය සඳහා සහභාගි වන සමාගම් මගින් එම පරිචයෙන් ඉවත් වන්නේ කෙසේ ද යන්න පිළිබඳ වැඩි විස්තර සඳහා ඔබේ මව්රට මත පදනම්ව අදාළ වෙබ් අඩවිය වෙත පහතින් පිවිසෙන්න:
කැලිෆෝනියාවේ නීතිය මගින් අප විසින් වෙබ් බ්‍රවුසරයේ නිරීක්ෂණය කිරීමෙන් වළකින්න (DNT) සංඥාවලට ප්‍රතිචාර දක්වන ආකාරය ඔබට දැන්වීමට නියම කරයි. දැනට DNT සංඥා හඳුනාගැනීම සඳහා කර්මාන්ත හෝ නෛතික සම්මතයක් නොමැති බැවින් අප මේ මොහොතේ ඒවාට ප්‍රතිචාර නොදක්වන්නෙමු. එබඳු ප්‍රතිචාරයක් යෝග්‍ය වන්නේ කවර විටක දැයි හා එය කවර ස්වරූපයක් ගන්නේ ද යන්න නිර්ණය කිරීම සඳහා රහස්‍යතා ප්‍රජාව මගින් හා කර්මාන්තය තුළ සිදු කරන ලද කෘතීන්ගේ ප්‍රතිඵල ලැබෙන තුරු අපි බලා සිටිමු.
ඌප්ස්! ඔබට මෙම යෙදුමට ප්‍රවේශ වීමට අවශ්‍ය භූමිකා(ව) නොමැත.
\n\n කරුණාකර පහත සබැඳිය භාවිතා කරමින් \n \n Confluence\n \n තුළ සඳහන් කර ඇති පරිදි සුදුසු භූමිකාවන් ඉල්ලන්න\n
\nඅවසන් වරට යාවත්කාලීන කළේ 2018 මැයි 25